Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දුම්රියේ ලොක්කො මහා පරිමාණ වැලි ජාවාරමක!

දශක දෙකකට අධික කාලයක් තිස්සේ ජාවාරම්කරුවන් කිහිපදෙනකු අත තිබූ වැලි ජාවාරමට දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් කිහිපදෙනකු සම්බන්ධවී ආරම්භ කළ අලුත්ම පන්නයේ ජාවාරමක් පිළිබඳව රටේ ඉහළම තැනක නියෝග මත ආරම්භ කළ පරීක්‍ෂණ යටපත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රබලයන් කිහිපදෙනකු උත්සාහ කරමින් සිටින බව දුම්රිය සේවා සමිතිය චෝදනා කරයි.

මඩකළපුව දුම්රිය මාර්ගය ආශි්‍රතව එරාවුර්, වාලච්චේන, වැලිකන්ද ආශි්‍රතව ඇති වැලි කඳු දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ බලධාරීන් කිහිපදෙනකු එම ප්‍රදේශවල සිටින තැරැව්කරුවන් යොදවා දුම්රිය වැගන් මඟින් මරදානේ පිහිටි කොළඹ අංගණය වෙත ගෙනැවිත් එහි ගොඩනැඟිල්ලක ගබඩා කර මුහුණු පොතේ දැන්වීම් පළකර එම වැලි තොග අලෙවි කිරීම පිළිබඳව දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් කරන ලද පැමිණිලි අනුව මෙසේ ඉහළ මට්ටමේ පරීක්‍ෂණ ආරම්භ කර ඇත්තේ දෙසතියකට පමණ පෙර බව අනාවරණය වෙයි.

එම ප්‍රදේශවල තැරැව්කරැවන්ට වැලි කියුබ් එකකට රුපියල් 2500 බැගින් ගෙවා දුම්රිය ගැල් 10 – 12ක් පමණ යොදා ගෙන එන මෙම වැලි කියුබ් එකක් (ලොරියක්) රුපියල් 14,000-15,000 අතර මිලකට අලෙවි කරන බවත් එක් වරකට වැලි කියුබ් 60-75ත් අතර ප්‍රමාණයක් දුම්රියෙන් ප්‍රවාහනය කිරීමේදී අයකළ යුතු ප්‍රවාහන ගාස්තුවට වඩා රුපියල් 2,75,000ක මුදලක් අඩුවෙන් මෙම වැලි ප්‍රවාහනය සඳහා අය කරන බවත් දුම්රිය වෘත්තීය සමිති පෙන්වාදී තිබේ.

දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී සම්මත ගාස්තුවලට වඩා ශතයක් හෝ අඩුවෙන් හෝ වැඩියෙන් අය කිරීමට දුම්රිය සේවා ආඥා පනතින් ඉඩ ලැබී නැතත් ඉහළම දුම්රිය බලධාරීන්ගේ ආශීර්වාදයෙන් මෙසේ වැලි ප්‍රවාහනය කෙරෙන බවද එම වෘත්තීය සමිති රජයේ ඉහළ බලධාරීන්ට පෙන්වාදී තිබේ.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3b8E8in
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();