Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රෝහල්වලට එල්ල වූ චෝදනා මත පෞද්ගලික PCR අමාත්‍යාංශ නියාමනයට!

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ නියාමනය යටතේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට පෞද්ගලික රෝහල් කළමනාකාරිත්වය ඊයේ (2 වැනිදා) එකඟත්වය පළකර තිබේ. සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි හා පෞද්ගලික රෝහල් කළමනාකාරීත්වය අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (2 වැනිදා) දහවල් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

​මේ වන විට පෞද්ගලික ​රෝහල් හතරක පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරයි. දෛනිකව පරීක්ෂණ 3000ක් කරන අතර එම පරීක්ෂණවල ගැටලු මතුවූ බවට පසුගිය කාලයේදී චෝදනා එල්ල විය.

පෞද්ගලික රෝහල් සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ නියාමනය කිරීමේදී රසායනාගාරවල තත්ත්වය පරීක්ෂා කිරීමටද එහි ගුණාත්මකභාවය වැඩිකිරීම සඳහා තාක්ෂණික සහයෝගය සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදීමටද මෙහිදී තීරණය කර ඇත. පරීක්ෂණවල ප්‍රමිතිය වැඩි දියුණු කිරීම සහ ධාරිතාවය වැඩි කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත. පෞද්ගලික රෝහල් සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණවල සාම්පල අහඹු ලෙස ලබාගනිමින් බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණායතනයේදී පරීක්ෂා කිරීමටද මෙහිදී තීරණය කර තිබේ.

පෞද්ගලික රෝහල් මගින් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේදී අය කරන මුදල රුපියල් 6000 සිට 9000 දක්වා පමණක් අය කිරීමටද මෙම සාකච්ඡාවේදී එකඟ වී තිබේ. කෙසේ වෙතත් කොරෝනා දෙවැනි රැල්ලේදී පෞද්ගලික සෞඛ්‍ය අංශය පී.සී.ආර්. පරීක්ෂණ ජාවාරමක් සිදුකරන බව පසුගිය ඔක්තෝබර් මස 25 වැනි දින පළ වූ ‘සති අග අරුණ’ පුවත් පතෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨයෙන්ද කරුණු හෙළි කර තිබුණි.

මේ අතර පෞද්ගලික අංශයේ පී.සී.ආර්. පරීක්ෂණ හා රසායනාගාර සම්බන්ධයෙන් හතර වතාවක් සාකච්ඡා පැවැත්වූ සෞඛ්‍ය ඇමැතිවරිය රාජ්‍ය අංශයේ පී.සී.ආර්. පරීක්ෂණ ගැටලු සහ රසායනාගාර ගැටලු පිළිබඳව සාකච්ඡා නොපැවැත්වීම ගැටලුවක් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

රාජ්‍ය අංශයේ රසායනාගාරවල සේවය කරන නිලධාරීන්ගේ අතිකාල දීමනා කපා දැමීම සහ පොදු පහසුකම් නොමැතිවීම පිළිබඳවද අමාත්‍යාංශය මුනිවත රකින බව සංගමයේ සභාපති රවි කුමුදේශ් සඳහන් කරයි.



from රට තොට – Colombo Tribune https://ift.tt/32oPYzJ
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();