ප්‍රභල දේශපාලනඥයකුගේ සහයෝගය මත කිරිඇල්ල, හැරනියාවක හන්දිය ප්‍රදේශයෙන් ගලායන කළු ගඟේ ‘‘නිධානය’’ නමැති ස්ථානයේ අනවසර මැණික් ගැරීමේ කටයුතු සිදුවන බව පරිසරවේදීහු සඳහන් කරති. මෙමගින් දැඩි පරිසර හානියක් සිදුවන බවද ඔවුහු පවසති.
මෙම ස්ථානයේ විශාල වශයෙන් මැණික් පවතින නිසා ප්‍රදේශවාසීන් ‘‘නිධානය’’ යනුවෙන් හඳුන්වන බව පැවසේ. මේ හේතුවෙන් ඇතැමුන් ‘ෂකර්’ ආදී යන්ත්‍ර යොදාගෙන මැණික් ඉල්ලම් සෙවීමේ කටයුතු හොර රහසේ සිදු කරති. ෂකර් යෙදීම නිසා කිරිඇල්ල සහ කලවාන ආසන යා කෙරෙන පාලමට මෙලෙස බලපෑමක් එල්ලවේ.
මෙම ස්ථානයේ හොරෙන් මැණික් ගැරීම නතර කිරීම සඳහා විශේෂ කාර්ය බළකායේ කිරිඇල්ල කඳවුර මගින් පසුගිය කාලයේදී දිගින් දිගටම වැටලීම් සිදු කළේය. නමුත් ඉකුත් පෙබරවාරි මාසයේ සිට වැටලීම් වහා නතර කරන ලෙස විශේෂ කාර්ය බළකායට දන්වා, වැටලීම් කටයුතු කිරිඇල්ල පොලිසියට භාරදී ඇතැයි පැවසේ.
ප්‍රබල දේශපාලනඥයාගේ මැදිහත්වීම මත මේ වන විට මැණික් සෙවීමේ කටයුතු සිදු කෙරෙන්නේ අධි තාක්ෂණික උපකරණ භාවිතයෙනි. බුබුළු නොනගින පිහිනුම් උපකරණ ඇදගත් අය මෙම ස්ථානයට ගඟ යටින් පැමිණ මැණික් ඉල්ලම් සොයන බවට ආරක්ෂක අංශ අවස්ථා කීපයකදීම නිරීකෂණය කර තිබේ.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ ඉලුක්පිටියගෙන් මේ සම්බන්ධව කරන ලද විමසීමකදී කියා සිටියේ මෙම ස්ථානය පාලනය කෙරෙන්නේ අධිකාරියේ රත්නපුර කාර්යාලයෙන් බවයි. ඒ ගැන රත්නපුර කාර්යාලයෙන් විමසීමට තමා කටයුතු කරන බවත් ඔහු කීය.
මෙලෙස හොර රහසේ මැණික් ගැරීමේ කටයුතු නතර කිරීම සඳහා විකල්පය අදාළ ස්ථානය වෙන්දේසි කිරීම බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.
•සාලිය කුමාර ගුණසේකර/ හේමන්ත ලියනපතිරණ / www.aruna.lk
from රට තොට – Colombo Tribune https://ift.tt/2TLaMwv
tribune

0 Comments