Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාසැල් ගොඩනැගිලි වලට ඇස්බැස්ටෝස් තහනම් – රටට අවශ්‍ය තරම් උළු තොග නිෂ්පාදනයට සැලසුම්!

ලබන වසරේ (2021) සිට අලුතින් ඉදිකරන පාසල් හා පෙර පාසල් ගොඩනැඟිලි සෙවිලි කිරීම සඳහා ඇස්බැස්ටෝස් යොදා ගැනීම තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි.

මෙරට නිවාස සෙවිලි කිරීම සඳහා ඇස්බැස්ටෝස් විශාල වශයෙන් යොදාගෙන ඇති බවත්, ඇස්බැස්ටෝස් පිළිකා කාරකයක් ලෙස පර්‌යේෂණවලදී අනාවරණයවී ඇති බවත් පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

ඇස්බැස්ටෝස් වහළවල් සඳහා යොදා ගැනීම තහනම් කිරීමට මීට පෙරද පරිසර අංශවල අවධානය යොමු වුවත්, ඊට විකල්පයක් ඉදිරිපත් නොවීම හේතුවෙන් ඇස්බැස්ටෝස් තහනම වරින් වර ඉවත් විය.

මේ අතර පරිසර ඇමැති මහින්ද අමරවීර උළු කර්මාන්තකරුවන් සමග කරන ලද සාකච්ඡාවකදී රටට අවශ්‍ය තරම් උළු තොග සැපයීමට හැකි බවට එම කර්මාන්තකරුවන් කරුණු ඉදිරිපත්කර තිබේ.

•සාලිය කුමාර ගුණසේකර / www.aruna.lk



from රට තොට – Colombo Tribune https://ift.tt/3kTNIrk
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();