බස්නාහිර පළාත ඇතුළුව සියලු ප්‍රදේශවල ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය හෙට(09) උදෑසන 5.00ට අවසන් කෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
නමුත් පොලිස් බල ප්‍රදේශ රැසක් නැවත දැනුම් දෙනතුරු හුදෙකලා (Lockdown) කෙරෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
එලෙස හුදෙකලා කර ඇති පොලිස්බල ප්‍රදේශ මෙසේය.
කොළඹ දිස්ත්‍රික්කය:
මට්ටක්කුලිය
මෝදර
බ්ලූමැන්ඩල්
කොටහේන
ග්‍රෑන්ඩ්පාස්
වෙරළබඩ පොලිස්වසම ආදුරුප්පු වීදිය
මාලිගාවත්ත
දෙමටගොඩ
වැල්ලම්පිටිය කෙසෙල්වත්ත
බොරැල්ල
ගම්පහ දිස්ත්‍රික්කය:
වත්තල
පෑලියගොඩ
කඩවත
රාගම
මීගමුව
පමුණුගම
ජාඇල
සපුගස්කන්ද
කළුතර දිස්ත්‍රික්කය:
හොරණ
ඉංගිරිය
වෑකඩ බටහිර ග්‍රාම සේවාවසම
කෑගල්ල දිස්ත්‍රික්කය:
මාවනැල්ල
රුවන්වැල්ල
කුරුණෑගල දිස්ත්‍රික්කය:
කුරුණෑගල නගර සභා සීමාව
කුලියාපිටිය පොලිස්වසම
මේ අතර හුදෙකලා කරන ලද පොලිස්වසම්වලට කිසිදු පුද්ගලයෙකුට ඇතුළුවීමට හෝ පිටවිමට හැකියාවක් නොමැති බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
from රට තොට – Colombo Tribune https://ift.tt/32lXxa0
tribune

0 Comments