රිච්ටර් ඒකක 7ක අගයකින් යුත් භූමිකම්පාවෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටි සිව්හැවිරිදි දැරියක්ගේ දිවී බේරා ගැනීමට සමත්වීමේ පුවතක් තුර්කියෙන් වාර්තා වෙයි
මෙලෙස දිවිබේරා ගැනීමට සමත්ව ඇත්තේ Ayda Gezgin නම් දැරියක් වන අතර ඒ අවස්ථාවේදී ඇයගේ පියාද එම ස්ථානයේ සිටිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි
රෙදි සෝදන මැෂිමකින් ආවරණය වී සිටීම නිසා ඇයට බරපතල තුවාල සිදුවී නොමැති බව ද වාර්තා වෙයි
තුර්කියට සහ ග්‍රීසියට බලපෑ භූකම්පනයෙන් පුද්ගලයින් 102ක් ජිවිතක්ෂයට පත්ව ඇත
දිවිබේරා ගත් Ayda Gezgin සුන්බුන් අතර සිරවී සිටින අයුරු පළමුව දුටු සහන සේවකයා වන Nusret Aksoy ප්‍රකාශ කලේ කුඩා දරුවාගේ කෑගැසීමක් වැනි හඩක් පළමුවෙන් තමන්ට ඇසුණු බවයි.

0 Comments