Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අවම ප්‍රමිතීන් හදිසියේම සම්මත කළේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට පාර කැපීම සඳහාද?

මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ අවම ප්‍රමිතිය සඳහා ආණ්ඩුව ඉදිරිපත් කල යෝජනාව පාර්ලිමේන්තුවේදී  සම්මත වී තිබේ. ඒ අනුව C 2ක් හා S 1ක් යන සමර්ථය අවම ප්‍රමිතිය බවට පත් වේ.

වෛද්‍ය උපාධි සඳහා අධ්‍යාපනය ලැබීමට මේ වන විට ප්‍රධාන වශයෙන් බඳවා ගැනීම් සිදු කරනුයේ මෙරට රජයේ වෛද්‍ය පීඨ 8 සඳහායි. ඊට අමතරව වෛද්‍ය සභාවේ අනුමැතියට සහිත විදෙස් විශ්වවිද්‍යාල වල උපාධි ලාභීන් ERPM විභාගයට මුහුණ දීමෙන් අනතුරුව වෛද්‍ය වෘත්තියට ඇතුලත් කර ගැනීම සිදුවේ.

රජයේ වෛද්‍ය පීඨ වලට බඳවා ගැනීමේදී සෑම වසරකම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟින් අවම සුදුසුකම් (කඩඉම් ලකුණු) නිර්ණය කරනු ලබන අතර වෛද්‍ය පීඨ වලට සිසුන් බඳවා ගැනීම සිදුවන්නේ ඒ අනුවයි. එසේ නම් හදිසියේ තවත් අවම ප්‍රමිතියක් සම්මත කරගැනීමේ අවශ්‍යතාවයක් නැත.

එසේ අවශ්‍ය වන්නේ රජයේ වෛද්‍ය පීඨ වල බඳවා ගන්නා ක්‍රියා පිළිවෙතට පිටින් වෛද්‍ය උපාධි ලබාදෙන ආයතන පවතින්නේ නම් පමණි. දැනට මෙරට තුල වෛද්‍ය උපාධි ලබා දෙන කිසිඳු පෞදගලික ආයතනයක් නොමැත.

සයිටම් ගැටලුව පවතින කාල වකවානුවේ රනිල් මෛත්‍රී ආණ්ඩුවද කඩිමුඩියේ මෙම අවම ප්‍රමිතීන් ගැසට් කිරීමට උත්සාහ ගනු ලැබුවේ ද පෞද්ගලික විශ්වවිද්‍යාල වලට පාර කැපීම සඳහාය.

The post අවම ප්‍රමිතීන් හදිසියේම සම්මත කළේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට පාර කැපීම සඳහාද? appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();