යාපනය දොරෙඅප්පා ක‍්‍රීඩාංගණය නවීකරණය කරමින් එය අංග සම්පූර්ණ පාපන්දු කී‍්‍රඩාංගණයක් බවට පත් කරන බවත් උතුරු පළාතේ කී‍්‍රඩා සංවර්ධනයට එය ඉවහල්වන බවත් තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා ඊයේ (09 වැනිදා) යාපනයේ සංචාරයක නිරත වූ අතර එහිදී දොරෙඅප්පා ක‍්‍රීඩාංගණය පරීක්ෂා කරමින් මේ පිළිබඳ කියා සිටියේය.

ක‍්‍රීඩකයෙක් ලෙස තමාට මෙම කී‍්‍රඩාංගණයේ ඇති අඩුපාඩු පිළිබද අවබෝධයක් ඇති බවත්, ඉදිරි වසර කීපය තුළ මෙහි සංවර්ධන කටයුතු අවසන් කර ක‍්‍රීඩාවට යෝග්‍ය
අයුරින් නිර්මාණය කරන බවත් අදාළ නිරීක්‍ෂණ චාරිකාවේදී ප‍්‍රකාශ කළ අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ‘අපි බලාපොරොත්තු වන ආකාරයට ක‍්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් උතුරු පළාත තුළ දොරෙඅප්පා ක‍්‍රීඩාංගණය ප‍්‍රධාන කේන්ද්‍රස්ථානයක් වෙනවා. පාපන්දු ක‍්‍රීඩාව වෙනුවෙන් මෙම ක‍්‍රීඩාංගණය සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී ශ‍්‍රී ලංකාව තුළ ෆුට්බෝල් ලීග් තරගාවලියක් ආරම්භ කරනවා. ඉදිරි වසර 04 ඇතුළත මෙහි ලේන් 06 ක සින්තටික් ධාවන පථයක් ස්ථාපිත කරනවා. එළිමහන් ශරීර සුවතා මධ්‍යස්ථානයක් මෙම ක‍්‍රීඩාංගණයේ හා අවට ක‍්‍රීඩාංගණවල ලබන වසර තුළ ස්ථාපනය කරන්න බලාපොරොත්තු වෙනවා’ යැයි පවසා සිටියේය.

මීට අමතරව අමාත්‍යවරයා ඇතුළු පිරිස යාපනය බාස්කට්බෝල් ක‍්‍රීඩා පිටියද නිරීක්ෂණය කරන ලදි.
මෙම අවස්ථාවට යාපනය දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී අංගජන් රාමනාදන්, ග‍්‍රාමීය හා පාසල් යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, යාපනය නගරාධිපති එමානුවේල් ආනොල්ඞ්, නෙට්බෝල් ක‍්‍රීඩිකා තර්ජනී ශිවාලිංගම් යන අයවලූන් සහභාගී වූහ.

from රට තොට – Colombo Tribune https://ift.tt/3n67HUn
tribune

0 Comments