Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රට සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට ජනතා සහාය අත්‍යවශ්‍යයි

කොවිඩ් සමඟ රට සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට ජනතාව වෙත විශාල කාර්ය භාරයක් පැවරී ඇති බව කොවිඩ් 19  පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
 
ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා සම්පූර්ණයෙන්ම ලොක් ඩවුන් එකකට රට ගෙන යන්නේ නැතිව අවදානම් යැයි හැගෙන ප්‍රදේශ පමණක් හුදෙකලා කිරීමට අවශ්‍ය උපදෙස් දී තිඛෙන බව බවත් ඒ අනුව රටක් වශයෙන් ඉදිරියට මේ කටයුතු සිදු කර ගෙන යන බවත් යුද හමුදාපතිවරයා සදහන් කළේය.
 
ජනතාව වශයෙන් මුඛ ආවරණ පැලදීම, ශාරීරික වශයෙන් දුරස්ථභාවය මීටර එකහමාරක් හෝ දෙකක දුරක් පවත්වා ගැනීම, අත්සේදීම, අත්‍යවශ්‍යම අය පමණක් නිවසින් පිටතට පැමිණෙන්න අනෙක් අය නිවෙස් තුළම සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද හමුදාපතිවරයා කියා සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();