Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාවනැල්ල ප්‍රාදේශීය සභා රැස්වීම පැවැත්වීම වළක්වමින් අධිකරණ නියෝගයක්

මාවනැල්ල ප්‍රාදේශීය සභා රැස්වීම පැවැත්වීම දින හතකට වළක්වමින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
 
මාවනැල්ල ප්‍රදේශය හුදකලා කර තිබියදී ප්‍රාදේශීය සභා රැස්වීම පැවැත්වීමට කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස අධිකරණ නියෝගයක් ලබා ගත් බව ඒ මහතා ප්‍රකාශ කළේය.
 
එමෙන්ම යම් ආකාරයකින් මෙම රැස්වීම පැවැත්වීම එම ප්‍රදේශයේ ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවීමට හේතු විය හැකි බවත් ඒ තුළින් රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ඉඩක් ඇති බවත් පැවසු නියෝජ්‍ය පොලිස්පතිවරයා, මෙම නියෝගය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හා ලේකම්වරයා වෙත නිකුත් කර ඇති බවය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();