Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අවසන්

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අවසන් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පූජිත මහතා පවසයි. 
 
ප්‍රතිඵල ලේඛන සකස් කිරීම ලකුණු පරිගණකගත කිරීම හා විශ්ලේෂණය දැන් සිදු කෙරේ. 
 
ඉතා ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටී. 
 
මේ අතර ඉකුත් දා අවසන් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුකෙරේ. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්කවල පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු පළමුවෙන් ආරම්භ කිරීමට අවධානය යොමු වී ඇතැයි ඔහු පැවසීය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();