
තමන්ගේ පොලිස්පති සිහිනය අත්හැර දැමිමට සිදුවු බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසා ඇති බවත් පෙරේදා රාත්‍රීයේ තමන්ට ලැබුන තොරතුරකට අනුව පොලිස්පති ධුරය තමන්ට නොලැබෙන බව තහවුරු වි ඇති බවත් පවතින තත්ත්වය හමුවේ තිබේන තනතුරද ප්‍රවේශම් කර ගැනිම අර්බුදයක් වි ඇති බවද ඔහු සදහන් කර ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා කරයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා විමට සිහින මවමින් සිටි අයෙකු වන අතර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත විමත් සමග ජනාධිපතිවරයාට ලැබෙන බලතල යටතේ තමන් පොලිස්පතිවරයා ලෙස නම්කරනු ඇති බවට ඔහු දැඩිව විශ්වාසය තබා තිබූ බවද සමාජ මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද 20 සම්මත විමත් සමග සිය පෞද්ගලික සමාජ ජාලා ගිණුමේ දේශබන්දු තෙන්නකෝන්ගේ ඡායාරූපයක්ද එකතු කර තිබු නමුත් මේ වනවිට එම ඡායාරූපයද සිය ගිණුමෙන් ඉවත් කර ගැනිමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.
The post පොලිස්පති සිහිනය බොඳවෙයි. appeared first on Lanka News Column.

0 Comments