ධවල මන්දිරයේ කාර්ය මණ්ඩල ප්‍රධානී මාර්ක් මෙඩෝස් හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.
ධවල මන්දිර අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔහු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පසුගිය ඉරිදා සහ සඳුදා සංචාරය කර ඇති බවයි. ඒ අතර ධවල මන්දිර මැතිවරණ සාදයටද සහභාගී වී ඇති අතර ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් සමඟද සමීපව කටයුතු කර තිබෙන බව සඳහන්ය.
61 හැවිරිදි මෙඩෝස් බොහෝ විට මුව අාවරණයක් පැළඳ සිටිනු දැක නැතැයි ද මාධ්‍ය වාර්තා කරයි.
එසේම ට්‍රම්ප් කාර්ය මණ්ඩලයේ තවත් සාමාජිකයින් දෙදෙනෙකුට ද කොවිඩ් වෛරසය වැළදී ඇති බව නිලධාරීහු පවසති.

0 Comments