Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විශාලතම ආයෝජනය චයිනා හාබර් සමාගමට.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ පළමු විශාලතම ආයෝජන ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා චයිනා හාබර් ඉංජිනියරින් සමාගම ඉදිරිපත්ව ඇත. ව්‍යාපෘතියේ ආයෝජනය සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 100ක් පමණ වේ.

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් ක්‍රියාත්මක වන අතර පළමු අදියර යටතේ ඩොලර් කෝටි 44 ක්ද දෙවැනි අදියර යටතේ ඩොලර් කෝටි 56 ක් ද ආයෝජනය කෙරේ. පළමු අදියර යටතේ වරාය නගරය තුළ ජාත්‍යන්තර මට්ටමේ ඒ ශ්‍රේණියේ කාර්යල කුලුනු තුනක්, සුඛෝපභෝගී නිවාස සහිත කුලුනු දෙකක් සහ වෙළෙඳ සංකීර්ණයක් ඉදිකෙරෙනු ඇත.

දෙවැනි අදියර යටතේ ජාත්‍යන්තර මට්ටමේ කාර්යාල කුලුනු දෙකක් හා වෙළෙඳ සංකීර්ණයක් ද ඉදිකෙරේ. 2015 ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට මූල්‍යාධාර ලබාදුන් බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත චෝදනා කර තිබුණේ මෙම සමාගමටයි.

The post විශාලතම ආයෝජනය චයිනා හාබර් සමාගමට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();