
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ අරමුණින් ඉන්දියාවේ අදානි සමූහය සමග ගිවිසුම් ගත වීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබේ.
ඒ අනුව වරායේ නැගෙනහිර පර්යන්තයේ 49%ක අයිතිය ඉන්දියාවේ අදානි සමූහය එහි දේශීය සහකරුවෙකු වෙන ජෝන් කීල්ස් ආයතනය වෙතටත්, 51%ක අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වන ලෙසත් ගිවිසුම් අස්සන් කිරීමට සැලසුම් කර ඇති බව පැවසේ.
මීට පෙර වරාය නැගෙනහිර පර්යන්තයේ කටයුතුවලින් 49%ක අයිතිය තිබුණේ ඉන්දියාවටත්, ජපානයටත්ය.
පසුගිය කාලයේ වරාය සේවකයන් මෙම ජැටිය ඉන්දියාවට ලබාදීමට විරුද්ධව වර්ජනයක නිරතවූ අතර එහිදී මෙමජැටියේ පාලනය වරාය අධිකාරිය සතුවිය යුතු බවට ඔවුන් ඉල්ලා සිටින ලදී. නමුත් මෙම ගිවිසුමත් සමඟ නැගෙනහිර ජැටියේ කටයුතු සම්පූර්ණයෙන් පාලනය කිරීමේ බලය ඉන්දියානු සමාගමට හිමිවෙනු ඇත.
මෙම නැගෙනහිර පර්යන්තයේ විශේෂත්වය ලෙස සඳහන් වන්නේ මෙය මීටර් 1,200ක් දිගින් , මීටර් 18ක් ගැඹුරින් යුක්ත වීමත් සමඟ විශාල ප්‍රමාණයේ නැව් පැමිණිය හැකි වීමයි. එසේම මෙය චීන සමාගම පාලනයේ පවතින කොළඹ ජාත්‍යන්තර බහාළුම් පර්යන්තය (CICT) හා සමාන වෙන්නක්.
නමුත් කොළඹ ජාත්‍යන්තර බහාළුම් පර්යන්තයට නැති වාසියක් මෙහිදී නැගෙනහිර පර්යන්තයට හිමිවෙන බව විශේෂඥයන්ගේ අදහස විය. එය නම් සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (SAGT) නම් පර්යන්තයද මෙය අසළ තිබීම නිසා එය යොදාගෙන විශාල නෞකා මෙන්ම කුඩා නෞකා පැමිණීමට ඉඩ ලබාගැනීමයි. ඒ හරහා සුවිශේෂ පර්යන්තය පාවිච්චි කරන බහාළුම් හිමිකරුවන්ට අන්තර්පර්යන්ත හුවමාරු (Inter Terminal Transit – ITT) වියදම් කපා හරින්න අවස්ථාව ලැබීම හරහා දැනට ඇති කිසිදු පර්යන්තයකට නැති වාසියක් නැගෙනහිර පර්යන්තයට ලැබීමයි.
යම් ආකාරයකට මේ පර්යන්ත දෙකම අත්පත් කර ගන්නා පාර්ශවය කොළඹ වරායේ ප්‍රමූඛයා වීම කිසිසේත්වැළක්විය නොහැකි බව විශේෂඥ අදහස් විය.
සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (SAGT) හි වැඩි හිමිකාරිත්වය පැවතියේ ජෝන් කීල්ස් සමාගමටයි. ඒ අනුව නැගෙනහිර ජැටිය ලබාගැනීමේ ගනුදෙනුවේදී ජෝන් කීල්ස් සමාගම, අදානි සමූහය සමඟ එක්වීම යනු ඉදිරියේදී සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් පර්යන්තයද නැගෙනහිර පර්යන්තය සමඟ එක්ව කටයුතු කිරීමකි. මේ අනුව කොළඹ වාරයේ ප්‍රමුඛයා බවට ඉන්දියාව නිතැතින්ම පත්වෙනු ඇත.
මැතිවරණයට පෙර ආණ්ඩුව වරාය සේවකයන්ට පොරොන්දු වූවේ මෙම ජැටිය ඉන්දියාවට ලබා නොදෙන බවටයි. නමුත් මැතිවරණය අවසන් වූ පසු ආණ්ඩුව වරාය සේවකයන්ට සහ රටේ ජනතාව නොමග යවා ඇති බව මින් පැහැදිලි වේ.
The post වරාය සේවකයන් සහ රටේ ජනතාව නොමග යවා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමේ කටයුතු සූදානම්. appeared first on Lanka News Column.

0 Comments