මුහුණු ආවරණ පැළඳීමට හෝ ප්‍රසිද්ධියේ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 61දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ සිකුරාදා(30) සහ ඊයේ (31) දිනයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
නිරෝධායන පනත යටතේ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඔහු පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මහජනයාට මුහුණු ආවරණ පැළඳීම සහ ප්‍රසිද්ධියේ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම අනිවාර්ය බවයි.

0 Comments