ශ්‍රී ලංකා රජයේ හදිසි ඉල්ලීම අනුව දැනට අක්‍රීය වී ඇති පීසීආර් යන්ත්‍රය අළුත්වැඩියා කිරීම සඳහා චීන තාක්ෂණවේදීන් කණ්ඩායමක් මෙරටට ඊයේ (30) රාත්‍රියේ පැමිණ ඇති බවත් අදාළ යන්ත්‍රය අක්‍රිය වීමට හේතුව මෙතෙක් පැහැදිලි නොමැති බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සදහන් කරයි
ට්විටර් පණිවිඩයක් නිකුත් තානාපති කාර්යාලය පවසන්නේ ප්‍රශ්නගත පීසීආර් යන්ත්‍රය මෙන්ම අනෙකුත් යන්ත්‍ර ද මාස ගණනක් තිස්සේ පැය 24ම ක්‍රියාත්මක කර ඇති නිසා ඒවා ද පරීක්ෂා කර බලා, නඩත්තු කටයුතු සිදු කරන බවයි.
කොවිඩ් - 19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මීට පෙර පවසා තිබුණේ අදාළ පීසීආර් යන්ත්‍රය වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂණාගාරයේ ස්ථාපිත කර ඇති බවයි.

0 Comments