
පළමුවන අවස්ථාවේත් කොරෝනා මතුවීමෙන් යම් සාර්ථකත්වය අත්කර ගන්න සියලුම දෙනා කැපවුණා. නමුත් ඉන් පසුව ඒ සාර්ථකක්වයෙන් පස්සේ ලෝකය පුරාම කොරෝනා දෙවැනි රැල්ලක් ඇතිවීමේදී ආණ්ඩුව ඒ ගැන අවධානය යොමු නොකර ඡන්දය දිනාගන්න පෙළඹුනා. කොරෝනා පාලනය කළ ලෝකයෙන්ම දෙවැනියා බව කියමින් පොහොට්ටුව් සමහර මන්ත්‍රීවරුන් තමන්ගේ කාර්යාලවල “කොවිඞ් 19 ජය ගත්” කියලා තමන්ගේ මනාප අංකය යොදා ගන්න තරම් නින්දිත සහ පහත් ලෙසට කොරෝනා ප්‍රශ්නය යොදා ගත්තා. කොරෝනා මර්දනයේ සාර්ථකත්වය සම්බන්ධව බොරුවක් සමාජගත කර පසුව ඔවුන්ද ඒ බොරුව බාර ගත්තා. ඒ නිසා කොරෝනා අවදානම ජනතාවගේ ඔළුවෙනුත් බැහැර වුණා.
දැන් දෙවැනි රැල්ල පටන් ගත්තාට පස්සේ ඇඳන් මදිවී නිවාස තුළම නිරෝධායනය වීමේ තත්වයක් පවා මේ වනවිට ඇතිවී තිබෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩල පවා අනතුරු අඟවන්නේ වසංගතයේ පාලනය ගිලිහී යමින් තිබෙන බවයි. ජනාධිපතිවරයා මේ වනවිටත් රට විවෘතව තබාගෙන පාලනය කරන බව කියා තිබෙනවා. නමුත් කොරෝනා යුද්ධයත් එක්ක හැපෙන ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ ආරක්‍ෂක අංශවලට මූලික පහසුකම් ටික ලබාදිය යුතුයි. ඔවුන් අසනීප වෙන්න ගත්තොත් මේ රටේ එක පුරවැසියෙකුටවත් පාරට බැහැලා යන්න වෙන්නේ නැහැ. ඒ නිසා මූලික වශයෙන්ම ඔවුන්ගේ ආරක්‍ෂාව තහවුරු කළ යුතුයි. මේ සඳහා යම් මුදලක් වෙන්කළ යුතුයි. පී.සී.ආර්. මැෂින් කැඩී යාමෙන් නිසි කලට, වේලාවට රෝග මර්දනය බැරි තත්වයක් උදා වෙලා.
මේ වෙනුවෙන් වෙන් කරන්න සල්ලි නැහැ කියලා ආණ්ඩුවට කියන්න බැහැ. එක ඇමතිවරයෙකුගේ ආරක්‍ෂාවට වාහන ගණනාවක් යනවා. එහෙම නම් පී.සී.ආර්. මැෂින් කැඩුනහම අලුත්වැඩියා කරන්න සල්ල නැහැ කියන්න පුළුවන්ද? මේ රටේ ධනය නිවැරදි ආකාරයට භාවිතා කරන්න ඕනෑ. අර්බුදයන් ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. රජයක් තියෙන්නේ අර්බුද නැති කාලවලදී අර්බුද ඇතිවූ විට සැලසුම් පුරෝකතන සකස් කරන්නයි. කොරෝනා සාර්ථකව මර්දනය කරන කොට රජයට ලකුණු දා ගැනීමත් වැරදුනාම මිනිසුන් මත පැටවීමත් කරනවා. මෙතැන අපිට ආණ්ඩුවත් එක්ක තරහක් නැහැ. අපි පෙන්වා දෙන්නේ ආණ්ඩුවෙන් වෙච්ච දුර්වලතා. ඒව හදාගෙන ඉදිරියට යන්න ඕනෑ. මොකද කොරෝනා දේශපාලන පක්‍ෂ හෝ පුද්ගල වාදභේද, සංවිධාන වශයෙන් බලපාන්නේ නැහැ. රටක් වශයෙන් ආරක්‍ෂා විය යුතුයි. ඒ වෙනුවෙන් මාධ්‍ය හමුවලින් ඉදිරිපත් කරන කයිවාරු නවත්වලා රජය තමන්ගේ වගකීම් ඉටුකරන්න ඕනෑ. අනෙක් පැත්තෙන් ජනතාව නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් ජීවත් වීමේ වගකීම ඉටු කරන්න ඕනෑ. ජාතික විද්වත් සංවිධානය විදිහට අපි මේ කරුණු රජයට අවධාරණය කරනවා.
ජාතික විද්වත් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ හර්ෂණ නානායක්කාර.
The post කොරෝනා සාර්ථකව මර්දනය කරන කොට රජයට ලකුණු දාගෙන වැරදුනාම මිනිසුන් මත පටවනවා. appeared first on Lanka News Column.

0 Comments