ජනපති කොමිසමේ සභාපති දන්වයි
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, යෝෂිත රාජපක්ෂ මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන අවස්ථාවේ සිටි මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් නිල දුරකථනයෙන් ලබා ගත් ඇමතුම් පිළිබඳ සවිස්තර විමර්ශන වාර්තාවක් ලබා දෙන්නැයි දේශපාලන පළිගැනීම් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා එහි පොලිස් ඒකකයට පෙරේදා (29)දැනුම් දුන්නේය.
කොමිසමේ සභාපතිවරයා එසේ දැනුම් දුන්නේ සී.එස්.එන් නාලිකාව ආරම්භ කිරීමේදී මූල්‍ය වංචා සහ රජයේ දේපළ භාවිත කර ඇති බවට චෝදනා කරමින් පසුගිය රජය සමයේදී අත්අඩංගුවට ගැනීමට එරෙහිව වත්මන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා කළ පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී ය.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තමාව අත්අඩංගුවට ගෙන කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එෆ්.සී.අයි.ඩී නිලධාරීන් මහේස්ත්‍රාත්වරයා හමුවේ තමාට එරෙහි චෝදනා ප්‍රකාශ කරන විට නිල මැදිරියේ තිබූ දුරකථනයේ රිසිවරය පිටතින් තබා තිබූ බවත්, අනතුරුව මහේස්ත්‍රාත්වරයා වෙනත් පාර්ශ්වයක් සමඟ දුරකථන සංවාදයක නිරත වන ආකාරය තමා නිරීක්ෂණය කළ බවත් යෝෂිත රාජපක්ෂ මහතා කොමිසම හමුවේ කළ ප්‍රකාශය අනුව හිටපු මහෙස්ත්‍රාත්වරයා සිය නිල දුරකථනයෙන් 2016.01.30 දා ලබාගත් දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තාවක් අදාළ සමාගමෙන් ගෙන්වා ගැනීමට කොමිසම පියවර ගනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වන වජිර අබේවර්ධන මහතාගේ ඥාතියකු වන ජිනදාස නමැත්තකු සමග හිටපු මහෙස්ත්‍රාත්වරයා දුරකථන සංවාදයක නිරත වී ඇති බව කොමිසම හමුවේ අනාවරණය විය.
පහන් විජේසේකර

0 Comments