
කොළඹ ප්‍රදේශයේ ආපනශාලා බහුතරයක් මෙන්ම පිට ප්‍රදේශවල මහා පරිමාණ ආපනශාලා හිමියන් එමෙන්ම රාජ්‍ය ආයතනවල ආහාර පාන ටෙන්ඩර් ක්‍රමයට ලබා ගෙන සපයන අයවලුන්ද මාලු මිලදී ගැනීම සිදු කරනු ලබන්නේ පෑලියගොඩ මතස්‍ය වෙළඳ පොළෙන් බැවින් එම සියලුම දෙනා සොයා වහාම නිරෝධායන ක්‍රියාවලිය සදහා යොමුකළ යුතු බව ආපනශාලා හමියන්ගේ සභාපති අසේල සම්පත් පවසයි.
අප සමග අදහස් දක්වමින් ඔහු වැඩිදරටත් සදහන් කළේ මෙසේ විශාල ආපනශාලා හිමියන් පිරිසක් දිනපතා මාලු රැගෙනයාමට පැමිණිම තුල යම් හෙයකින් ඉන් එක් අයෙකුට හෝ වෛරසය ආසාදනය වී ගිබුන හොත් එයින් සමාජයට ඇති වන බලපෑම ඉතා භයානක බවයි.
එම නිසා මෙම වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සදහා යෙම ඉතා ඉක්මනින් කළයුතු ක්‍රියාවලියක් බවත් ඒ සදහා එහි සවිකර ඇති සී.සී.ටී.වී. පද්ධතිය යොදා ගත හැකි බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
…ගමගේ…
The post පෑලියගොඩ මාලු වෙළඳ සැලට පැමිනි සියලුම ආපනශාලා හිමියන් සොයා නිරෝධායනයට යොමු කළ යුතුයි. appeared first on Lanka News Column.

0 Comments