අම්බලන්ගොඩ නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක් වන රොසෙත් රෝහල තාවකාලිකව වසා දැමීමට එහි පරිපාලනය පෙරවරුවේ කටයුතු කර තිබේ. මෙම රෝහලෙන් කොරෝනා යැයි සැක සහිත රෝගියෙකු ප්‍රතිකාර ගත්තේ යැයි ලද තොරතුරක් මත මෙම පියවර ගෙන ඇත.
අප කළ විමසීමකදී අම්බලන්ගොඩ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරියෙකු සදහන් කළේ මේ වන විට අදාළ රෝගියා කොරෝනා පරික්ෂා සඳහා රෝහල් ගත කර ඇති අතර ඉන් ලැබෙන ප්‍රතිඵල මත ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිත බවත් මේ වන විට නගර සභාව මගින් රෝහල විශබීජ හරණය කිරීමට පියවර ගෙන ඇති බවත්ය.
The post අම්බලන්ගොඩ රොසෙත් පුද්ගලික රෝහල වසා දමයි. appeared first on Lanka News Column.
0 Comments