Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන තිබේ.
 
ඒ අනුව NTC ගේට්ටුවේ සේවය කළ පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.
 
වරායේ සිට භාණ්ඩ නිශ්කාෂණය කරන මධ්‍යස්ථානවලට යන ප්‍රධාන ගේට්ටුව ඉඟුරුකඩේ හංදිය ආශ්‍රිතව තිබෙන අතර මේ දොරටුවේ සේවයේ නියුතු රේගු පරීක්ෂක මහත්වරු දෙදෙනෙකුට කොවිඩ් රෝගය වැළඳී ඇතැයි හඳුනාගෙන තිබෙන බවද ඔවුන් ප්‍රතිකාර සඳහා දැනට රෝහල් ගතකර තිබෙන බවද ඒ මහතා කියාසිටී.
 
කෛස් වුවද අත්‍යවශ්‍ය භාණ්ඩ නිශ්කාෂණය කිරීමට ප්‍රමුඛතාවය දෙමින් අනෙකුත් සාමාන්‍ය භාණ්ඩ යම් කිසි සීමා කිරීමට ලක්කිරීමට සිදුවන බවද හෙතෙම කියාසිටී.
 
(මහින්ද අලුත්ගෙදර)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();