Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කිරිඉබ්බන්වැව-ඇතාවැටුණවැව වෙහෙරතැන්න ‘වාරි සෞභාග්‍යයා’ ඇරැඹේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්තියට සමගාමීව වාරිමාර්ග අමාත්‍යාංශය ක්‍රියාවට නංවන 'වාරි සෞභාග්‍යයා' වැව් සහ අමුණු ප්‍රතිසංස්කරණය කිරීමේ කඩිනම් ව්‍යාපෘතිය මහවැලි එල්. කලාපයේ කිරිඉබ්බන්වැව, ඇතාවැටුණවැව සහ වෙහෙරතැන්න කොට්ඨාස ආශ්‍රිතව පෙරේදා (29) වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

මේ යටතේ මහවැලි එල්. කලාපයම ආවරණය වන පරිදි කෘෂි නිෂ්පාදන කටයුතු වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 39ක වියදමකින් වැව් 08ක් සහ ප්‍රධාන අමුණු 02ක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සහාය ඇතිව ප්‍රතිසංස්කරණය කෙරේ. එයින් සහන් වැව සහ හංසවිල වැව සංවර්ධන කටයුතු ගොවි ජනතාවගේ සහභාගීත්වය සහිතව මෙලෙස ආරම්භ කෙරිණි. එයින් වසර 25කට ආසන්න කාලයක් නිසි පරිදි වගා කිරීමට නොහැකිවූ කුඹුරු අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් දෙකන්නයම වගා කිරීමට අවස්ථාව උදා වනු ඇත. එමෙන්ම ධීවර පවුල් 200කට පමණ ස්ථීර ජීවනෝපාය මාර්ගයක් ද මෙමඟින් නිර්මාණය වේ.

වැලිඔය ප්‍රදේශයේ පැවති වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක අවස්ථාවට ඉඩම් සංවර්ධන ඇමැති එස්. එම්. චන්ද්‍රසේන, මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්, වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්ථාන්, මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු ඩබ්ලිව්. බී. පළුගස්වැව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සුනිල් එස්. පෙරේරා, 621 පාබළ බළ සේනාවේ බල සේනාධිපති කර්නල් කේ. කේ. ආර්. එස්. පැරකුම්, මහවැලි එල්. කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු ආර්. එම්. කේ. බී. රන්දෙණිය මහත්වරුන් ඇතුළු යුද හමුදා සහ රාජ්‍ය නිලධාරීහු මේ අවස්ථාවට සහභාගි වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();