Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෘත්‍රිම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීමට පියවර

ශ්‍රී ලංකා නාවික හමුදාව

නාවික සේවයට සමු දුන් 'වීරයා' සහ 'ජගතා' නෞකා ත්‍රිකුණාමලයේදී මුහුදුබත් කර කෘත්‍රිම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබේ.

නාවික හමුදාවේ කාර්ය සහ කර්තව්‍ය ඉටුකිරීම වෙනුවෙන් දශක හතරකට අධික කාලයක් අනභිභවනීය සේවයක් ඉටු කළ ‘වීරයා’ සහ ‘ජගතා’ නමින් හැඳින්වු නෞකා ද්විත්වය පසුගියදා නාවික සේවයෙන් ඉවත් කිරීමෙන් පසු, පසුගිය 22 සහ 26 දිනවල ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ කෘත්‍රිම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීමට මුහුදුබත් කිරීමට කටයුතු කළ බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තුන් වන වේග මුර යාත්‍රා බළගණයට අයත්ව තිබූ මේ නෞකා නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නාවික සේවයෙන් ඉවත් කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 12 වැනි දින ත්‍රිකුණාමලය නාවික තටාකංගණයේදී සිදු කෙරිණි. අනතුරුව කෘත්‍රිම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීමට මුහුදුබත් කිරීමට පෙර නෞකා ද්විත්වයේ ප්‍රයෝජනයට ගත හැකි සියලු යාන්ත්‍රික කොටස් එයින් ගලවා ඉවත් කර, සාගරික පරිසරයට හිතකර වන ලෙස සූදානම් කෙරිණි.

ඒ අනුව ‘වීරයා’ ලෙස හැඳින්වු පී. 311, පසුගිය 22 වැනි දින ත්‍රිකුණාමලය ‘රොකී පොයින්ට්’ (Rocky Point) සහ ‘සැන්ඩි බේ’ (Sandy Bay) වෙරළ තීරය අතර වූ මුහුදු ප්‍රදේශයේ ගිල්වා දැමීම සිදු කළ අතර ඊට යාබදව පසුගිය 26 වැනි දින ‘ජගතා’ ලෙස හැඳින්වු පී 315 ගිල්වා දැමීම සිදු කෙරිණි. නාවික හමුදාව, පසුගිය යුධ සමයේ දී නැගෙනහිර මුහුදේ කාර්මික දෝෂයක් හේතුවෙන් අත්හැරදමා ගොස් තිබූ වේ ලින්ග් (We Ling) නමැති නෞකාව A522 ලෙසින් භාවිතා කිරීමෙන් අනතුරුව, 2018 වසරේ දී මීගමුවට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ දී මේ අයුරින්ම කෘතීම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීම සඳහා ගිල්වා දැමීමට පියවර ගෙන තිබේ.

මහින්ද අලුත්ගෙදර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();