තුර්කියේ සිදුව ඇති ප්‍රබල භූකම්පනය හේතුවෙන් මේවන විට අවම වශයෙන් පුද්ගලයින් 22නෙක් මිය ගොස් ඇත.
රික්ටර් මාපක පරිමාණයේ 07ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනය හේතුවෙන් 786 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ හේතුවෙන් සුනාමි තත්ත්වයක් ද හටගෙන තිබෙන අතර ඉස්මීර් සහ සමෝස් නගර ජලයෙන් යට වූ බවද සදහන්වේ.
බලධාරීන් පැවසුවේ 70 දෙනෙකු සුන්බුන්වලට යටවී සිටිය දී බේරාගෙන ඇති බවයි.
එසේම ඉස්මීර් හි බලධාරීන් තවත් ගොඩනැගිලි කඩා වැටෙනු ඇතැයි සැකය මත පුද්ගලයින් 2,000 ක් පමණ ප්‍රදේශයෙන් ඉවත් කර තිබේ.

0 Comments