Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොරොන්දු ඉටු කරමින් පරිසරය රකිමින් නෙළුව – ලංකාගම මාර්ගයේ වැඩ අවසන් අදියරට!

දීර්ඝකාලීන ජනතා අවශ්‍යතාවක් සපුරනු පිණිස ආරම්භ කෙරුණු නෙළුව – ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් ‍දැන් අවසන් අදියරේ පවතී.

පසුගිය අගොස්තු 29වනදා ලංකාගම නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මාර්ගයේ වත්මන් තත්ත්වය විමර්ශණය කොට පරිසරයට හානි නොවන අයුරින් දින 90කින් වැඩ නිම කිරීමට උපදෙස් දුන්නේය.

යුද හමුදා ඉංජිනේරු බලකාය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතිය ඇතිව සැප්තැම්බර් 02 වනදා මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කළේය. නෙළුව – වාරුකන්දෙනිය සිට ලංකාගම දක්වා කි.මි 6.5ක කොටසක් පළමු අදියර යටතේ සංවර්ධනය කෙරේ. ඉන් කි.මි 01ක කොන්ක්‍රිට් ඇතිරිමට නියමිතය. ඉතිරි දුර ප්‍රමාණය වන කි.මි 5.5ක ඉදිකිරීම් අවසන්ව ඇත. මාර්ගයේ අලුතින් ඉදිකෙරුණු පාලම් සහ බෝක්කු සංඛ්‍යාව34 කි.මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ගයේ කාපට් ඇතිරීම ආරම්භ කර ඇති අතර, ඉන් කි.මි 4ක දුරක් කාපට් අතුරා අවසන් කර තිබේ.

අපේක්ෂිත ඉලක්කය වන දින 90 ඇතුළතමාර්ගයේ වැඩ සම්පූර්ණයෙන් අවසන් කිරීමඅපේක්ෂාව බවත්, මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් සිදු වන බැවින් නොවැම්බර් මස පළමු සතිය තුළ එය අවසන් කිරීමට හැකිවනු ඇති බවත් යුද හමුදා ඉංජිනේරු බලකාය පවසයි.

දෙවන අදියර යටතේ ලංකාගම – දොඹගොඩ සිට දෙනියාය මාර්ගය ඉදිකරනු ලැබේ. එහි ඉදිකිරීම් ද දැන් ආරම්භ කර තිබේ. මුළුදුර ප්‍රමාණය කි.මි 5.4 කි. කි.මි 1.8ක ඉදිකිරීම් දැන් නිම කර තිබෙන අතර පාලම් සහ බෝක්කු 52න් 14 ක වැඩ අවසන්ව ඇත. මාර්ගය ඉදිකිරීමේ දී පරිසර හිතවාදීක්‍රම අනුගමනය කෙරේ. ගල් බෝර පිපිරවීම් කරන්නේ නැත.

පළමු සහ දෙවන අදියර අවසන් වීමෙන් පසුව නෙළුව සිට ලංකාගම හරහා දෙනියාය දක්වා ලංගම බස් රථයක් ධාවනය කෙරේ. ඒ සමග නෙළුව සිට දෙනියායට යාමට ගත වූ පැය 04කට ආසන්න කාලය විනාඩි 45කට අඩු වෙයි.

ගංවතුරෙන් විනාශයට පත් වැල් පාලම වෙනුවට කොන්ක්‍රීට් පාලමක් ඉදිකිරීමට ද ජනාධිපතිතුමා සිය නිරීක්ෂණ චාරිකාවේ දී පොරොන්දු විය. එහි ඉදිකිරීම් අවසන් අදියරේ පවතී.
ප්‍රදේශවාසීන්ට සන්නිවේදන පහසුකම් සලසමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන එක්ව සේවා සැපයුම් ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා ඇත.ලංකාගම ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ ස්මාට් පංතිකාමර ගොඩනැගිල්ලක් ද ස්ථාපනය කර තිබේ. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ සිසුන්ට E- Learning පහසුකම ලබාදීමට එමගින් හැකිව ඇත.

සිංහරාජ රක්ෂිතය රැක ගනිමින් පරිසර හිතකාමී ලෙස සිදුකරන නෙළුව – ලංකාගම මාර්ගය සංවර්ධනය සහ දුෂ්කරතා රැසකින් පීඩා විඳිමින් සිට ලංකාගම ජනතාවගේ ගැටළු විසඳීමට මැදිහත්වීම පිළිබඳව ප්‍රදේශවාසීහූ ජනාධිපතිතුමා වෙත කෘතඥතාව පළ කරති.



from රට තොට – Colombo Tribune https://ift.tt/35NGAGw
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();