සමාජ මාධ්‍ය ඉතිහාසය වෙනස් කරමින් අප ආයතනයට අයත් “අපේ සින්දු” ෆේස්බුක් පිටුව මගින් පල කරන ගීත හා මියුසික් වීඩියෝ සඳහා ඒවා නිර්මාණය කරන කලාකරුවන්ට මුදල් දීමනාවක් ලබා දීමට වැඩ කටයුතු ආරම්භ කල අතර රුපවාහිනී හා ගුවන් විදුලි නාලිකා හරහා හෝ මේ වනවිට එවැනි දීමනා නිසි ආකාරව නොලැබීම නිසා සමහර කලාකරුවන් අපහසුතාවයට පත් වන අවස්ථා බහුලව ඇති බවද අපට දැනගන්නට ලැබුනා.
කෙසේ වෙතත් අප ආරම්භ කල මෙම ක්‍රියාදාමයට මෙරට සිටින උද්දච්ච හා තමන් මහා ගායකයෙක් හෙවත් පොරක් ලෙස සිතා සිටින සංගීතවේදී තාත්තකුගේ පණ්ඩිත පුතෙක් විරුද්ධත්වය පල කරමින් කියා සිටියේ අපිට ෆේස්බුක් සල්ලි එපා අපිට ඇති තරම් සල්ලි තියෙනවා යනුවෙනි.
අනාගතයේදී රුපවාහිනී හා ගුවන් විදුලිය අභාවයට යන බවත් කලාකරුවන්ගේ අනාගතය රැඳී ඇත්තේ සමාජ ජාල මාධ්‍ය වන යුටියුබ් ෆේස්බුක් ආදිය හරහා බව නොදත් නව පරපුරේ ගායකයින් කියාගන්නා මුග්දයින් නිසා සුවහසක් කලාකරුවන්ට අසාධාරණයක් සිදුව ඇති බවයි අපට කියන්නට ඇත්තේ. සමහරු යුටුයුබ් හරහා මුදල් ඉපැයුවද “අපේ සින්දු” හරහා ප්‍රචාරය වන ගීත සඳහා යූටියුබ් මඟින් උපයන මුදලට වඩා වැඩි දීමනාවක් ගෙවීමට සැලසුම් කර ඇති බව සමහරවිට ඔවුන් නොදන්නා කාරනාවක් විය හැකිය.
කළා ලෝකයේ අනාගතය රැඳී ඇත්තේ සාම්ප්‍රදායික ටීවී රේඩියෝ වල නොවන බව නොදන්නා වැස්සකටවත් පාසැල් නොගිය සමහර කලා කරුවන් කියා ගන්නා නලාකරුවන් තමන් මහා ගායකයින් සේ පෙන්වීමට රුපවාහිනී රියැලිටි වැඩසටහන් වලට ගොස් පොර ටෝක් දුන්නද ඔවුන් කරන මෝඩ වැඩ වලින් තමන් උපන් ගෙයි මෝඩයින් බව ඔප්පු කරමින් සිටී. ඔවුන්ගේ අඳබාල ක්‍රියා නිසා සමස්ත කළා ලෝකයටම සිදුවන විනාශය ඇති මහත් බැවින් කලාවට හා කලාකරුවන්ට ආදරේ සියලු දෙනා මෙවන් පුද්ගලයින් පිළිබඳව අවධානයෙන් සිටීම ඉතාම වැදගත් බවයි අපේ අදහස…
from රට තොට – Colombo Tribune https://ift.tt/3oLCYgP
tribune

0 Comments