Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මධුෂ්ගේ සිරුර අනියම් බිරියගේ නිවසට!

බන්ධනාගාර කැරැල්ලේදී මරුමුවට පත් කළු තුෂාර නමැති පාතාල නායකයාගේ බිරිය මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිය ලෙස සිටි අතර මධුෂ්ගේ මරණය සැල වූ සැණින් ඇය ශෝකයට පත්වී ඔහුගේ සිරුර භාරගැනීමට පොලිසියට පැමිණ ඇති බවද ආරංචි මාර්ගයන් පවසයි.

මාකඳුරේ මධුෂ්ගේ විවාහක බිරිය මාතර මාකඳුර, මුලන පාර ප්‍රදේශයේ පදිංචිව සිටි අතර ඔවුන්ගේ 17 හැවිරිදි පිරිමි දරුවා සමග ඇය ජීවත් වෙයි. අධිකරණය නියෝග කරන ලද්දේ නීත්‍යානුකූල විවාහක බිරියට මධුෂ්ගේ මෘත ශරීරය භාර ගන්නා ලෙසය.

කෙසේ නමුත් මධුෂ්ගේ මෘත ශරීරය අවසන් කටයුතු කිරීම සඳහා තමාටද අවස්ථාව සලසා දෙන මෙන් අනියම් බිරිය ඉල්ලා සිටීමත් සමග ඇය සහ විවාහක බිරිය එකඟතාවකට පැමිණ මධුෂ්ගේ සිරුර මහරගම පන්සල පාරේ නිවෙසට ගෙනැවිත් තබා පසුව අවසන් කටයුතු සිදු කිරීමට එකඟ වී ඇති බවද සඳහන් වේ.

2012 නොවැම්බරයේ සිදු වූ වැලිකඩ කැරැල්ලෙන් පසු කළු තුෂාර මරුමුවට පත්වූ අතර තමාගේ ළඟම ගෝලයකු වූ තුෂාරගේ බිරියව මධුෂ් විසින් තමන්ගේ අනියම් බිරිය ලෙස තබා ගත්තේය.

ඉකුත් වසරේ පෙබරවාරි 05 වැනි දින ඩුබායි රාජ්‍යයේදී මධුෂ් ප්‍රමුඛ ඔහුගේ ගෝලයන් පිරිස අත්අඩංගුවට පත්වූයේද මෙම අනියම් බිරියගේ දියණියගේ උපන් දින සාදය අතරතුරදීය.

මධුෂ්ගේ මෘත ශරීරය මහරගමට ගෙන එන බවට සැලවීමත් සමඟ පොලිසිය සහ බුද්ධි අංශ අනියම් බිරියගේ නිවෙස අවට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇත. එම නිවෙස කළු තුෂාර පදිංචිව සිටි නිවස වේ.

*චාමර අමරසූරිය / www.mawbima.lk



from රට තොට – Colombo Tribune https://ift.tt/2Hj68To
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();