Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෛද්‍ය නිලධාරීන්ට උසස් හමුදා නිලධාරියකු මරණ තර්ජන කරයි.

වැලිඔය, සම්පත්නුවර දිස්ත්‍රික් රෝහලේ ආයතන ප්‍රධානි ඇතුලු වෛද්‍ය කාර්ය මණ්ඩලයට ජාතිවාදී අවමන් සිදුකර මරාදමන බවට තර්ජනයකිරීමේ සිදුවීමක් වාර්තා වේ.

මේ සම්බන්ධව වහාම පියවර ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත. එම ලිපියේ සඳහන්වන පරිදි යුද හමුදාවේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් කේ.කේ.එස්. පැරකුම් විසින් වැලිඔය- සම්පත්නුවර දිස්ත්‍රික් රෝහලට පැමිණ රොහලේ ප්‍රධාන වෛද්‍යනිලධාරිවරයා ඇතුළු වෛද්‍ය නිලධාරීන්ට බැනවැදී මරණීය තර්ජන කර ඇත.

බ්‍රිගේඩියර්වරයා විසින් පවසා ඇත්තේ “පර දෙමළා, ප්‍රභාකරන්, ත්‍රස්තවාදීන්, තොපි මරණවා. මේක මගේ ඒරියා එක” යනුවෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු‍ සෞඛ්‍ය ඇමතිනියට යොමු කළ ලිපියේ දක්වා තිබේ.

The post වෛද්‍ය නිලධාරීන්ට උසස් හමුදා නිලධාරියකු මරණ තර්ජන කරයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();