Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රටක් හිනස්සපු පෝලෝ සීයා සුනඛයින් සමඟින් කාත්කවුරුවත් නැති ගරාවැටුනු නිවසක ගත කරන ජීවිතය!

සිසිල ගලන මින්ට් සිදුර කියන පොලෝ ඇඩ් එකේ හිටපු අර නට නටා දුවපු සීයා ඔබට මතකද? එහෙම කිව්වම ගොඩාක් දෙනාට ඔහුව මතක් වෙන්නේ නිරායාසයෙන් නමුත් සැනට් දික්කුඹුර කියලා ඔහුගේ නම කිව්වොත් බොහෝ දෙනෙකුට ඒ නම නුපුරුදු වෙන්න පුළුවන්…

කෙසේ වෙතත් අප මේ කියන්නට යන්නේ තම තරුණ කාලයේ කලාව හරහා රටම රසවත් කල  මේ රටේ බොහෝ කලාකරුවන්ට සිය සැදෑ සමයේ අත් විඳින්නට සාමන්‍ය කරණය වූ අවාසනාවන්ත තත්වය සැනට් දික්කුඹුර කලාකරුවාටද අත් විඳින්නට වී ඇති ආකාරයයි.

කලාව වෙනුවෙන් විශාල ආයතන ප්‍රමාණයක් මහජන මුදලින් නඩත්තු කරමින් ඒ වෙනුවෙන් අමාත්‍ය හා රාජ්‍ය අමාත්‍යවරුන් සෑම පක්ෂයක්ම නියෝජනය කල සෑම ආණ්ඩුවක්ම පත්කරමින් විශාල මුදල් ඒවා නඩත්තුවට යෙදවුවද කලාව පෝෂණය කරන සැබෑ කලාකරුවන්ගේ ප්‍රගමනය සඳහා කිසිවක් කර නොමැති බවට මෙයත් එක හොඳම උදාහරණයක් බව කිව යුතුය.

සමහ විට අපේ රටේ ක්‍රීඩකයින්ට මුදල් පස්සේ රට අමතක කරමින් යනවා කියන චෝදනාව එල්ල වුවත් ඔවුන්ටත් එසේ මුදල් සොයා නොගත්තොත් සිය විශාම කාලයේ ගෙවන්නට වන දිවිය මෙයට දෙවනු නොවනු ඇත.

ඔබටත් සැනට් දික්කුඹුර මහතා වෙනුවෙන් යම් උපකාරයක් කිරීමට හැකිනම් මේ දුරකථන අංකය හරහා වැඩි විස්තර සඳහා සම්බන්ධව වන්න… 0702435799

 

“එදා රටක් හිනස්සපු පෝලෝ සීයා අද කාත්කවුරුවත් නැති ගරාවැටුනු නිවසක සුනඛයින් සමඟින් ගත කරන ජීවිතය” මැයෙන් සැනට් දික්කුඹුර කලාකරුවා සමඟ  ASHAN online Youtube නාලිකාව සිදුකල වැඩසටහන පහතින් …



from රට තොට – Colombo Tribune https://ift.tt/3mF8JWX
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();