
කාරාපිටිය වසංගත විද්‍යා රෝග පරීක්ෂණ සදහා ලබා දී තිබූ පී.සී.ආර්. යන්ත්‍ර කැඩී ඇති බවට වාර්තා වේ. පසුගිය දින කිහිපය තුල දිවයිනේ බොහෝ රෝහල්වල පී.සී.ආර්. යන්ත්‍ර අක්‍රිය වී ඇති බවටද වාර්තා විය.
මේ වන විට අම්බලන්ගොඩ බලපිටිය අහුනගල්ල කොස්ගොඩ ගාල්ල ආදී ප්‍රදේශවල සිදුකර ඇති කොරෝනා සැක සහිත පුද්ගලයින්ගේ පී.සී.ආර්. ප්‍රතිඵල සතියක් පමණ තිස්සේ ප්‍රමාද වෙමින් පවතී.
මේ හේතුවෙන් කොරෝනා ව්‍යාප්තිය වේගවත් වීමට ඉඩ ඇති අතර මේ වන තෙක් ඒ සම්බන්ධ කිසිදු මැදිහත් වීමක් අධාල බලධාරීන් පියවර ගෙන නැත.
අප කළ විමසීමකදී අම්බලන්ගොඩ සෞඛ්‍ය අංශ නිලධාරියෙකු සදහන් කළේ කාරාපිටිය වසංගත විද්‍යා රෝග පරීක්ෂණ අංශය සදහන් කරන්නේ පී.සී.ආර්. ප්‍රතිඵල ලබා දිය හැකි දිනයක් ප්‍රකාශකර නොහැකි බවත්ය. එයට හේතුව ලෙස ඔවුන් පවසා ඇත්තේ පී.සී.ආර් යන්ත්‍ර අක්‍රිය වීම තුල මෙම තත්වය උද්ගතව වී ඇති බවයි.
ගාල්ල……ගිනිගේ.
The post කරාපිටියේ පී.සී.ආර්. යන්ත්‍ර කැඩිලා. appeared first on Lanka News Column.

0 Comments