පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අසල පිහිටි පෙට්ටි කඩවල පසුගිය දවස්වල පැනඩෝල් , ඩිස්ප්‍රින් හා පේයාව වැඩිපුර අලෙවි වන බවට ලැබුණු තොරතුරු හේතුකොට ගෙන අහඹු පී.සී.ආර්. පරීක්ෂණයක් කරන ලෙස ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් කළ ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස එහි කොවිඩ් -19 ආසාදිතයන් හඳුනාගන්නට හැකි වූ බව මත්ස්‍ය වෙළෙඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා පැවැසීය.
ඒ අනුව මත්ස්‍ය වෙළෙඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා සමඟද සාකච්ඡා කර 109 දෙනකු අහඹු පී.සී.ආර්. පරීක්ෂාවකට යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 49 දෙනකු ආසාදිතයන් බව හඳුනා ගැනීමට හැකි වූ බවද වික්‍රමාරච්චි මහතා කියා සිටියේය.
ඒ අනුව ආසාදිතයන් 36 දෙනෙක් මීගමුව කරදියාන නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවූ බවද සඳහන් කළ වික්‍රමාරච්චි මහතා මීට අමතරව 13 දෙනකු ජම්පටා වීදිය, මට්ටක්කුලිය හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල වැසියන් බව හඳුනාගෙන ඇතැයිද පැවැසීය.
from රට තොට – Colombo Tribune https://ift.tt/35uKns1
tribune

0 Comments