Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොවිඩ් අරමුදලට මොකද වුනේ…නිරෝධායනය වෙන සුව විරුවන් කෑම කන්නෙත් මුදල් එකතු කරලා.

කුලියාපිටිය රෝහලේ නිරෝධායනය සදහා යොමුකර සිටින 50 ආසන්න හෙද කාර්ය මණ්ඩල සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සදහා ආහාර ලබා ගන්නේ එම රෝහල් සේවකයන් විසින් එකතුකර ගන්නා මුදල් වලින් බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සේවක සංගමය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශය මාධ්‍ය ඉදිරියේ පවසන්නේ රෝහල් කාර්ය මණ්ඩල නිරෝධායනය සදහා හෝටල් වලට රැගෙන යන බවත් මෙම පිරිස රදවා සිටින්නේ ජයපුර වත්ත ප්‍රදේශයේ ගුරු අභ්‍යාස විද්‍යාලයක ඉතා අඩු පහසුකම් යටතේ බවද එම සංගමය පවසයි.

සුවවිරුවන් යයි කියමින් රෝහල් කාර්ය මණ්ඩලයට සලකන ආකාරය මෙය බවත් ජනාධිපතිවරයා යටතේ ඇති කොවිඩ් අමුදලට සිදු වී ඇත්තේ කුමක් දැයි ප්‍රශ්න සහගත බවත් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පවසයි.

ග්‍රෝත්‍රික නායකයෙකුට ලබා දෙන තනි පුද්ගල තීරණ ගැනීමේ බලය 20 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයා ලබාගත් බවත් එහිදී උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

…ගමගේ…

The post කොවිඩ් අරමුදලට මොකද වුනේ…නිරෝධායනය වෙන සුව විරුවන් කෑම කන්නෙත් මුදල් එකතු කරලා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();