
පාර්ලිමේන්තුවේ බුද්ධි අංශයට අනියුක්තව සේවය කරනු ලබන පොලිස් නිලධාරියෙක්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
මෙම පොලිස් නිලධාරියා පාර්ලිමේන්තුවේ පිහිටි පොලිස් නිලධාරීන්ගේ භෝජනාගාරයට අවශ්‍ය මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයයට ගොස් ඇති බවත් එහිදී වෛරසය ආසාදනය වන්නට ඇති බවට හඳුනා ගෙන තිබේ. ඒ අනුව ඔහුගේ සමීප ආශ්‍රිතයින් 7 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කොට ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිවරයා සඳහන් කරයි.
The post පාර්ලිමේන්තුවේ බුද්ධි අංශ නිලධාරියෙක්ටත් කොරෝනා. appeared first on Lanka News Column.

0 Comments