Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රංශය රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පනවයි

ප්‍රංශය තුළ කොරෝනා දෙවැනි රැල්ලේ ව්‍යාප්තියත් සමඟ රාත්‍රී ඇදිරිනීතිය පැනවීමට තීරණය කෙරේ. 
 
ප්‍රංශ අගමැති ජෝ කැස්ටෙක්ස් පවසා ඇත්තේ වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි. අද මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක වේ.
 
ඒ අනුව සෑම දිනකම රාත්‍රී 09.00 සිට උදෑසන 06.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.  
 
ගතවූ පැය 24 තුළ නව ආසාදිතයින් 41,622 ක් ප්‍රංශයෙන් වාර්තා වී ඇතැයී බීබීසී පුවත් සේවය වාර්තා කරයි. 
 
මේවන විට යළිත් යුරෝපයේ රටවල්වල ආසාදන අනුපාතය ඉහළ යාමත් පෙන්නුම් කරනු ලැබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();