
2019 අ.පො.ස. උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු අර්බුදය හේතුවෙන් විශ්වවිද්‍යාල ප්රවේශය අහිමි වූ සිසුන් – දෙමාපියන් පිරිසක් සමඟ අ.වි.ශි.බ.ම ඊයේ ( 28) විශ්වවිද්‍යාල ප්රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණෙන ලදී.
එහිදී විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ එය විශ්වවිද්‍යාල ප්රතිපාදන කොමිෂන් සභාවට විසඳිය හැකි ගැටලුවක් නොවන බවයි.
පැරණි හා නව විෂය නිර්දේශයන් සඳහා වෙන වෙනම කඩඉම් ලකුණු නිකුත් කර ඇති අතර එහිදී විශාල සිසුන් ප්‍රමාණයක් අසාධාරණයට පත්ව තිබේ. විශේෂයෙන් තාක්ෂණ විෂය ධාරාව යටතේ පැරණි නිර්දේශයෙන් පෙනී සිටි සිසුන් දිස්ත්රික් කුසලතා මට්ටමින් හා z ලකුණු මට්ටමින් ඉහළම සුදුසුකම් ලබා තිබුණ ද ඔවුන්ට විශ්වවිද්යාල ප්රවේශය අහිමි වී තිබේ.
දිස්ත්‍රික් කුසලතා නුවර එළිය දිස්ත්‍රික්කයෙන් 07 ගත් ශිෂ්යයාට, ගම්පහ දිස්ත්රික්කයෙන් 10, 12 ලබාගත් ශිෂ්යයින්ට, අම්පාර දිස්ත්රික්කයෙන් 13 ලබාගත් ශිෂ්යයාට විශ්වවිද්යාල ප්රවේශය අහිමි වී තිබේ. මේ එක් විෂය ධාරාවක උදාහරණ කීපයක් පමණක් වන අතර තවත් දිස්ත්‍රික්ක ගණනාවක සිසුන් විශාල පිරිසකගේ තොරතුරු අප වෙත ලැබී ඇති බව අ.වි.ශි.බ.ම . කැඳවුම්කරැ රත්කරව්වේ ජිනරතන හමියන් පවසයි.
සියලු දෙනා විශ්වවිද්‍යාල ප්‍රෙව්ශය ලැබීමට විශ්වවිද්‍යාල ප්රතිපාදන කොමිෂන් සභාව සලකා බලන අවම පරිසාධන මට්ටම් උපරිමයෙන් සම්පූර්ණ කර තිබුණ ද උසස් අධ්යාපන අවස්ථා අහිමි වීම බරපතල ගැටලුවක් බවත් බොහෝ සිසුන්ට නැවත විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාවක් ද නැති අතර මෙම ගැටලුවට විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව සෘජුව වගකිව යුතු වූවත් හමියන් පවසයි.


ඔවුන් අනුගමනය කරන්නේ කර අරින ප්රතිපත්තියකි වන අතර මේ සම්බන්ධව සිසුන් – දෙමාපියන් – ගුරුවරුන් එක් කරගත් ඉදිරි ක්රියාමාර්ග ගැනීමට කොරෝනා වසංගත තත්වයේ උවද කටයුතු කරන බවත් අසාධාරණයට පත් සියලු සිසුන්ට විශ්වවිද්යාල ප්රවේශය ලැබිය යුතු බවත් ජිනරතන හමියන් වැඩිදුරටත් පැවසීය.
…ගමගේ…
The post 2019 අ.පො.ස. උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණුවල අර්බුද රැසක්…විශ්වවිද්‍යාල ප්රතිපාදන කොමිෂන් සභාව කර අරී. appeared first on Lanka News Column.

0 Comments