Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වසරක් තිස්සේ ඇදි ඇදී තිබුන උඩහමුල්ල මාදිවෙල මාර්ගය දින 15න් මාර්ගය කාපට් කර අවසන්!

වසරකට අධික කාලයක් තිස්සේ වැඩ නිම කිරිමට නොහැකි වූ බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත්ව තිබූ උඩහමුල්ල සිට මාදිවෙල දක්වා වූ මාර්ගය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දැනුම්දීම පරිදි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙසින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරා ගන්නා ලදී.

මෙසේ මාර්ග සංවර්ධන අධිකාරියට පවරා ගැනීමෙන් පසුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත දින 15ක් ඇතුලත මෙම මාර්ගයේ කාපට් කර අවසන් කරන බව දන්වන ලදි. ඒ අනුව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත දින 15ක් ඇතුලත මෙම උඩහමුල්ල සිට මාදිවෙල දක්වා වූ මාර්ගයේ කාපට් අතුරා නිම කිරිම සදහා අමාත්‍යාංශ ලේකම්තුමන්ට සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්ට උපදෙස් ලබා දෙන ලදී.

මෙම මාර්ගයේ ප්‍රගතිය පිළිබදව කරුණු විමසීමේදී මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්තුමන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් අමාත්‍යවරයා වෙත පවසා සිටියේ කාපට් කර අවසන් කර ඇති උඩහමුල්ල සිට මාදිවෙල මාර්ගය හෙට දිනයේ සිට බාධාවකින් තොරව ගමන් කිරිමේ හැකියාව පවතින බවයි. කොවිඩ් 19 වසංගතය පවතින මෙවැනි අවස්ථාවක සංවර්ධන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරිම සදහා මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු කාර්ය මණ්ංඩලයේ කැපවීම වෙනුවෙන්ද කෘතඥතාවය පල කරන ලදී. මෙම මාර්ගයේ ඇති වාහන රථගාල, පදික වේදිකා සහ ඇවිදින මංතීරුව ආදිය ඉතා කඩිනමින් ඉදිරි කාලය තුලදී සංවර්ධනය කරනු ඇත.



from රට තොට – Colombo Tribune https://ift.tt/3jnM2Vq
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();