Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“අපේ සින්දු” ඉතිහාසය වෙනස් කරයි – ප්‍රථම වරට සමාජ මාධ්‍ය හරහා “කතෘ භාග” ගෙවීම අරඹයි!

Most Popular Music Portal on Social Media කිරුල ජයග්‍රහණය කල “අපේ සින්දු” ෆේස්බුක් පිටුව සමාජ මාධ්‍ය පිටු අතර දැවැන්තයා ලෙස සංගීතය නිර්මාණ සහ ඒවා නිර්මාණය කරන සංගීතඥන් වෙනුවෙන් ඓතිහාසික කාර්යභාරයක් ක්‍රියාත්මක කිරීමට මේ වනවිට සුදානමින් පසුවනවා.

ඒ අනුව මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට සමාජ මාධ්‍ය පිටුවක් හරහා ප්‍රචාරය කරන ගීත සහ සංගීතමය නිර්මාණ සඳහා කතෘ භාග ගෙවීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට “අපේ සින්දු” ප්‍රමුඛ empire media සමුහය සුදානම්, මෙහි ඇති සුවිසේශීම කාරනාව වනුයේ මෙරට ගුවන් විදුලි හා රුපවාහිනී නාලිකා සිය ගුවන් කාලය තුල මෙරට ගායක ගායිකාවන්ගේ නිර්මාණය ප්‍රචාරය කරමින් විශාල මුදලක් ඉපයුවත් ඒ සඳහා උපකාරී වන නිර්මාණ කරුවන්ට නිසි පරිදි කතෘ භාග ගෙවීම පැහැර හරිමින් සිටින පසුබිමක ෆේස්බුක් පිටුවක් මෙසේ කිරීමට කටයුතු කිරීමයි.

බොහෝ නිර්මාණකරුවන් Youtube හරහා සිය නිර්මාණ ප්‍රචාරය වන සහ නැරඹුම් වාර ප්‍රමාණය අනුව යම් මුදලක් ලබා ගත්තද මෙරට කිසිදු ෆේස්බුක් පිටුවක් එසේ නිර්මාණ කරුවන්ට මුදල් ලැබීමක් සිදු නොවන අතර සිදුවන්නේ නිර්මාණ කරුවන් පේජ් ඇඩ්මින්වරුන්ගේ ලොකුකම් බලමින් ඔවුනට කීයක් හෝ ලබාදී සිය නිර්මාණ ප්‍රචාරය කරවා ගැනීමයි. නමුත් එම සම්ප්‍රදායට තිත තබමින් “අපේ සින්දු” මේ ආරම්භ කරන කටයුත්ත සැබවින්ම මෙරට කලාවට මෙන්ම කලාකරුවන්ටද මහඟු ශක්තියක් වනු නියතය.



from රට තොට – Colombo Tribune https://ift.tt/36eCyc3
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();