Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද(24) වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 
ඒ, අනුව මධ්‍යම පළාත සහ ඌව පළාත්වලත් ත්‍රිකුණාමලය, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස 2.00න් පසුව, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
 
එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තරමක වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවති.
 
උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();