Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හෙරොයින් සමග සැකකරුවන් 05ක් අත්අඩංගුවට

 
යාපනය පොලිස් වසමේ කොකුවිල් සහ ඉලවාලි ප්‍රදේශයේ දී හෙරොයින් සමග සැකකරුවන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඊයේ (23) සවස යාපනය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.
 
එහිදී හෙරොයින් ග්‍රෑම් 67යි මිලිග්‍රෑම් 519ක් සමග එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 21, 26, 27, හා 38 යන වයස්වල පසුවේ.
 
මෙම සැකකරුවන් අද (24) යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 
යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();