Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් හිටපු ජනපතිගේ නිවසට

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයේ නිලධාරීන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවස වෙත පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ගොස් තිබේ. 
 
හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ, පැජට් පාරේ පිහිටි නිවසට එම නිලධාරීන් පැමිණ ඇත.
 
හිටපු ජනාධිපතිවරයාට ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙන්නැයි පසුගිය 21 වැනිදා දැනුම් දෙන ලදි.
 
නමුත් තමාට එම පොලිස් ඒකකයට පැමිණීමට නොහැකි බවත් සිය කොළඹ නිවසට පැමිණ ප්‍රකාශ ලබා ගන්නා ලෙසත් හිටපු ජනාධිපතිවරයා කොමිසමේ පොලිස් ඒකකයට දැනුම් දී තිබුණි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();