Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස් මහතා ඊයේ(20) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
 
නාවික හමුදාධිපතිතුමා විසින් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස් නාවික හමුදා මූලස්ථානය වෙත ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, මෙහිදී ශ්‍රී ලංකා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් තුමන් විසින් 24 වන නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාර ගැනීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපතිතුමා වෙත සිය සුභපැතුම් පිරිනමා සුහද පිළිසඳරක නිරතවිය.
 
තවද, මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();