Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගමනාන්ත කිහිපයකට ශ්‍රී ලංකන් ගුවන් සේවාවන් ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකන් ගුවන්සේවය විසින් තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව ගුවන්ගමන් සිදුකරන බව දැනුම්දෙයි.
 
ඒ අනුව ඉතාලියේ - මිලාන්, එක්සත් රාජධානියේ - ලන්ඩන්, ජපානයේ - ටෝකියෝ, මාලදිවයිනේ - මාලේ, ජර්මනියේ - ෆැන්ක්ෆර්ට්, ප්‍රංශයේ - පැරිසිය හා ඔස්ට්‍රේලියාවේ - සිඩ්නි එම ගමනාන්ත වේ.
 
මෙම ගුවන්ගමන් සදහා එක්වීමට අපේක්ෂා කරන මගීන් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ගාල්ල, නුවර සහ කොලඹ පිහිටි කාර්යාල හෝ අනෙකුත් සංචාරක නියෝජිත ආයතන හරහා ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම් සිදුකල හැකිය.
 
මේ පිළිබද වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකන් වෙබ් අඩවිය හරහා හෝ 1979 දුරකතන අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව ශ්‍රී ලංකන් ගුවන්සේවය නිවේදනය කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();