Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මේ පාලකයන්ට රටේ ජනතාවට වඩා තමන්ගේ බලකාමය ලොකුයි.

“මේ ආණ්ඩුවට විශාල වුවමනාවක් තිබුණා, කොරෝනා වසංගතය අස්සේම අප්‍රේල් 25 කඩිමුඩියේ ඡන්දය තියන්න. එය එසේ සිදුවූවා නම් එහි ප්‍රතිවිපාක ඉතා භයානක වන්නට ඉඩ තිබුණා. මිනිස් ජීවිත සිය දහස් ගණනක් රටට අහිමිවන්නට ඉඩ තිබුණා. මේ පාලකයන්ට රටේ ජනතාවට වඩා තමන්ගේ බලකාමය ලොකුයි. මැතිවරණ කොමිසම ආණ්ඩුවේ එම සාහසික බල වුවමනාව පසෙකලා ජනතාව ගැන සිතා ගත් තීන්දුව නිසා භයානක තත්වය මගහැරී ගියා. අපි අපේ ප්‍රචාරක කටයුතු කොරෝනා නීතිරීතිවලට අනුව සහ සෞඛ්‍ය නිර්දේශවලට අනුව සිදුකළා. අපේ අරමුණ, ආකල්පය වූයේ කිසිදු පුරවැසියෙකු අපේ රැලියකට ඇවිත් කොරෝනා වසංගතයට ගොදුරු නොකිරීමයි. අපි මැතිවරණ කටයුතු කළේ එම ස්ථාවරයේ සිටයි”.

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමේ නායක අනුර දිසානායක.

The post මේ පාලකයන්ට රටේ ජනතාවට වඩා තමන්ගේ බලකාමය ලොකුයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();