Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නඩුව අවසන් : රන්ජන් හිරේ යයි? මන්ත‍්‍රීකමට සැරසෙන්නැයි අජිත් මාන්නපෙරුමට කියයි

තමන්ට සිර දඬුවම් නියම වීමට ඉඩ ඇති නිසා තමන් වෙනුවට පාර්ලිමේන්තු යන්නට සූදානම් වන්නැයි අජිත් මාන්නපෙරුම මහතාට දැන්වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

අධිකරණයට අපහාස කලේ යයි ඔහුට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වූ නඩුවට පෙනී සිටීමට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේය.


අදාල නඩුව අද දිනයේ අවසන් කල අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කර ගැනීම ඔක්තොම්බර් මස 21 වන දිනට කල් දමනු ලැබීය.


අදාල නඩුවෙන් රාමනායක මහතාට සිර දඬුවම් හිමිවනු ඇතිදැයි අජිත් මාන්නප්පෙරුම මහතාද විමසා ඇතැයි මාධ්‍යවේදීන් එහිදී මන්ත‍්‍රීවරයාට සදහන් කලේය.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ සමගි ජන බලවේග මනාප ලයිස්තුවේ මීලගට සිටින්නේ හිටපු මන්ත‍්‍රී අජිත් මාන්නපෙරුම මහතායි.

අදාල නඩුව විභාග කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වන නිසා එහි තීන්දුව යලි අභියාචනා කිරීමට කිසිදු ඉඩක් නැති සිර දඬුවම් ලදොත් ජනාධිපති සමාවෙන් මිස නිදහස් වීමක් නැත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();