Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අංගොඩ ලොක්කාගේ පිස්තෝලයක් ළග ඇති ලාංකිකයෙක් සොයා ඉන්දියාවේ මෙහෙයුමක්

ඉන්දියාවේදී මියගිය බව කියන මද්දුමාගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නැමැත්තා භාවිත කල බව කියන පිස්තෝලයක් ළග තබාගෙන සිටින බව කියන ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්දීය පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇත.
 
කොයිම්බතූර් හි සැඟවී සිටියදී අංගොඩ ලොක්කා සතුව පිස්තෝලය තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කරයි.
 
පසුගිය ජූලි 03 වනදා අංගොඩ ලොක්කා මියයාමත් සමග ඔහු සමග සිටි අමානි ධංජි නම් ලාංකික කාන්තාව සහ ඉන්දීය නීතීඥවරියක වන සිවකාමි සුන්දරී යන අය විසින් අදාළ පිස්තෝලය වෙනත් ලාංකිකයෙකුට ලබාදී ඇති බව වාර්තා වේ.
 
අංගොඩ ලොක්කා විසින් ඉන්දියාවේදී පෙනී සිට ඇත්තේ ප්‍රදීප් සිං යන නාමයෙන් වන අතර ඔහු ව්‍යාජ ලේඛන උපයෝගී කරගනිමින් එරට රැඳී සිට ඇති බව මේ වනවිට තහවුරු වී ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();