Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රට තුළ ආකර්ෂණය දිනා ගත හැකි ස්ථාන 2600ක් අලුතින් හඳුනාගනී!

සංචාරක කර්මාන්තය සඳහා මෙතෙක් යොදානොගත්, එහෙත් සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ස්ථාන 2,600ක් අලුතින් හඳුනාගෙන තිබෙනවා. ඒවා කඩිනමින් සංවර්ධනය කිරීම සඳහා දැනටමත් පියවර ගෙන ඇති බවයි විෂය භාර අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග නෙත් නිවුස් වෙත පැවසුවේ.

අමාත්‍යවරයා සඳහන් කළේ ගුවන් තොටුපල විවෘත කර සංචාරකයින් මෙරටට පැමිණෙන අවස්ථාවේ මෙම ස්ථාන 2,600 සංචාරක ස්ථාන ලෙස සංවර්ධනය කිරීම සිදු කරන බවයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල තුලින් එක්වර මෙරටට වැඩි සංචාරකයින් පිරිසකට පැමිණිමට හැකි පරිදි එහි සිදුකරන සංවර්ධන කටයුතු ද පුළුල් කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග නෙත් නිවුස් වෙත වැඩිදුරටත් පැවසුවේ ඉදිරියේදී මෙරට තුල ඇති වෙනත් ගුවන් තොටුපලද සංවර්ධනය කිරීම සඳහා පියවර ගෙන ඇති බවයි.

මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් රැකියා අහිමි වී ඇති සංචාරක ක්ෂේත‍්‍රයේ සේවක සේවිකාවන්ට වැටුප් ගෙවීම සඳහා සියලු සංචාරක හෝටල් හා සංචාරක නියෝජිත ආයතන වෙත සියයට 4ක සහන පොලියක් යටතේ ණය මුදලක් ලබා දීම කඩිනම් කිරීමටයි ආණ්ඩුවේ අවධානය යොමුව ඇත්තේ. එමෙන්ම සංචාරක සහන පැකේජය ලබාදීමේදී මතුව ඇති ප‍්‍රායෝගික ගැටලු සඳහාද කඩිනමින් විසඳුම් ලබා දෙන බව සංචාරක අමාත්‍යංශය පැවසුවා.



from රට තොට – Colombo Tribune https://ift.tt/32s2m0K
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();