Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්ලාස්ටික්-ඇලුමිනියම් භාණ්ඩ රටින් ගෙන්වීම සම්පූර්ණයෙන් නතරකරනවා!

ප්ලාස්ටික් හා ඇලුමිනියම් භාණ්ඩ රටින් ගෙන්වීම මුළුමණින්ම නතරකර දමන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ඒ සමඟම, පරිසරයට අහිතකර කවර හෝ භාණ්ඩයක් රටින් ගෙන්වීම තහනම් කරන බවද අමාත්‍යවරයා කීය.

බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි පරිසර අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.

දේශීය අමුද්‍රව්‍ය යොදාගනිමින් නිපදවන පරිසර හිතකාමී භාණ්ඩ නිපදවීම සඳහා අත්වැලක් වීමට සිය අමාත්‍යංශය කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

ඒ සමඟ ම දේශීය අත්යන්ත්‍ර කර්මාන්තයට හා බතික් රෙදි පිළි නිපදවීම සඳහා කාන්තාව සවිබල ගන්වන බවද ඔහු කීවේය.

වලං, මැටි කර්මාන්තයට නව පණක් දී ඒවා නැවත ගොඩගැනීමට අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇතැයි කී අමාත්‍යවරයා පිඟන් ගඩොල් කර්මාන්තය නගා සිටුවා පිටරටින් පිඟන් ගඩොල් ආනයනය මුළුමණින් ම නතර කරන බවද, අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.



from රට තොට – Colombo Tribune https://ift.tt/3jgIZhV
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();