Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සති 05ක් ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන් ජීවිතක්ෂයට

 
මාතර, හක්මන ප්‍රදේශයේ මාර්ග බාධකය දී පොලිස් නිලධාරින් පිරිසක් ටිපර් රථයකින් අනතුරට ලක් කිරීමේ සිද්ධියෙන් තුවාල ලබා සිටි තවත් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
 
මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (20) අළුයම අදාළ පොලිස් නිලධාරිවරයා මියගොස් ඇති බව පොලිස් මාධ්‍යම කොට්ඨාසය සඳහන් කළේය.
 
පසුගිය ජුලි 13 වන දින රාත්‍රී මාතර හක්මන මාර්ගයේ කොක්ගල ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් පිරිසක් අනතුරට ලක් කර පලායෑමේ සිදුවිමක් වාර්තා විය.
 
එහිදී එක් පොලිස් කොස්තාපල්වරයෙකු එම ස්ථානයේ දී මියගිය අතර තවත් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු තුවාල ලැබීය.
 
එලෙස තුවාල ලබා සිටි 47 හැවිරිදි හක්මන පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු මෙලෙස මියගොස් තිබේ.
 
අදාළ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අතර ඊට අදාළ නඩුව අද මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();