
යුධ හමුදාව සිංහරාජය විනාශ කරමින් කපන පාර ගම්වාසීන් ඉල්ලන පාර නොවන බවත් ගම්වාසීන් ඉල්ලා සිටින්නේ ලංකාගම නෙලුව හරහා දැනට තිබෙන අබලන් වී ඇති කොන්ක්‍රිට් යොදා ඇති පාර අලුත් වැඩියාකර දෙන ලෙස බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ පෙන්වා දෙයි.
මහාමාර්ග අමාත්‍යංශය විසින් අද නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණ අසත්‍ය බව ඔහු පවසයි. ලංකාගම සිට නෙලුවට දැනට පවතින මාර්ගය අලුත් වැඩියා කිරීම වෙනුවට සිංහරාජය විනාශ කරමින් යුධ හමුදාව මෙම පාර කපන්නේ මොන රාජපක්ෂගේ හොටල් ව්‍යාපෘතිය සදහා පහසුකම් සැපයීමට දැයි ඔහු යලිත් විමසයි.
පාරවල් තනා දෙන ලෙස ඉල්ලා වසර 5 ත් 10 ත් අතර ජනතාව ඉල්ලීම් උද්ඝෝෂණ කරන ගම්මාන රටපුරා මෙතෙක් තිබියදී මේ හදිසියේම යුධ හමුදාව යොදා වෘක්ෂලතා පනත හා මධ්‍යම පරිසර අධිකාරීයේ අවසර පවා නොමැතිව මේ කරගෙන යන්නේ රාජපක්ෂවරයෙකුගේ උවමනාවක් බව ඔහු වැඩිදුරටත් පවසයි.
The post මහාමාර්ග අමාත්‍යංශය කියන්නේ බොරු….හමුදාව සිංහරාජය විනාශ කරමින් කපන පාර ගම්වාසීන් ඉල්ලන පාර නෙවෙයි. appeared first on Lanka News Column.

0 Comments